Sunday, June 5, 2011

ඇරඹුම.

ඉතින් මේ මම. කෙටියෙන් කියනවා නම් Swan . මේක තමයි මගේ පිස්සු දිනපොත. මගේ අතීතය, වර්තමානය, අනාගතය, මේ හැම දෙයක්ම කුරුටු ගාන්නේ මේකේ තමයි. මට ආසයි මගේ ජීවිතේ කොහේ හරි ලියල තියන්න. කොළ වල කුරුටු ගාන ජීවිතේ මේ පුංචි සයිබර් අවකාශෙට කොටු කරන්න මට හිතුනා. මගේ ජීවිතේ ගැන වෙලාවකට මටම පුදුමයි. මේ හිනාව, මේ අහිංසක කම යටින් ජීවිතේ ගැන කොයි තරම් දේවල් ලියවිලා තියෙනවද.... ආදරේ ගැන කොයි තරම බලාපොරොත්තු තියෙනවද? ඒ අතරින් බොඳ වෙලා ගිය, මගේ ඇස් ඉදිරිපිටම බොඳ වෙන හීන කොයි තරම් නම් තියෙනවද.... මට ඇත්තටම බ්ලොග් එකක් ලියන්න හිතුන හේතුව මේකයි. මට මගේ සිතුවිලි, ප්‍රශ්න කියල උපදෙසක් උදව්වක් ගන්න තරම් හොඳ යාලුවෙක් නෑ. හිටිය. එත් දැන් නෑ. මගේ හැම දෙයක්ම කියන්න හිටිය ආදරේ.... ඒ කතාව පස්සේ කියමු. හැම දෙයක්ම හිතේ තද කරගෙන, හංගගෙන ඉන්නකොට හරි අමාරුයි. විශේෂයෙන්ම ගොඩාක් දුක හිතුනු වෙලාවට. අඩුම තරමේ මේ කඳුළු සයිබර් අවකාශයේ ඉන්න ඔයාලත් එක්ක හරි බෙදා ගන්න තියෙනවා නම් එක ලොකුම ලොකු සහනයක්. ජීවිතේ මැද අතරමන් වෙලා නවාතැනක් හොයාගෙන යන ගමනට එක පුංචිම පුංචි පහන් එළියක් උනත් ගොඩාක් වටිනවා.
 

3 comments:

  1. ඇරඹුමට මගෙන් ... වැඩේ හොදට කරගෙන යන්න සුභ පතනවා මන්.... අපේ පැත්තෙත් ඇවිත් යන්නකෝ
    ෆලෝ වැඩ කලේ නැ... ටිකක් නෙට් ස්ලෝ වගේ ආයේ එන්නම්කෝ ෆලෝ කරලා යන්න
    අය්යෝ මේ වර්ඩ් වෙරි‍ෆිකේශන් අයින් කරලා දාන්න

    ReplyDelete
  2. අතාරින්නැතුව වැඩේ කරන් යන්න.. දිගු ගමනකට සුභ පතනවා...

    ReplyDelete
  3. බ්ලොග් එකක් කියන්නේ අනිත් අයටත් කියවීමට අවසර දුන් දිනපොතක් වගේ තමයි.ඒත් සමහර වෙලාවට ඒක පත්තරයක් සඟරාවක් සිප්හලක් වගේම නරක දෙයටත් යොදා ගන්න අවස්ථා දකින්න තියෙනවා.හොද දේවල් ලියන්න .ඉදිරි ගමනට සුභ පැතුම්.

    ආ තව එකක් මෙකේ වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න.කමෙන්ට් කරන අයට ඒක ලේසියි.
    settings --> Comments-->Show word verification for comments? select "No"

    ReplyDelete